images

2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම් පනත.

තොරතුරු අයිතිවාසිකම් පනත 2016 අගෝස්තු මස 4 වැනි දා සිට බලාත්මකව පවතින අතර 2017 ජනවාරි 20 වැනි දින නිකුත් කරන ලද අංක 2002/42 දරන අති විශේෂ ගැසට් පත්‍රය හා 2017 පෙබරවාරි 3 වැනි දින නිකුත් කරන ලද අංක 2004/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2017 පෙබරවාරි මස 3 වැනි දින සිට පුරවැසියන්ට ඕනෑම පොදු අධිකාරියකින් තොරතුරු ඉල්ලීමේ අවස්ථාව උදාවිය.

තොරතුරු අයිතිවාසිකම් පනතේ අරමුණු

තොරතුරු පනතේ හැඳින්වීමේ පූර්විකාවට අනුව තොරතුරු පනතේ අරමුණු 3කි.

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ ව්‍යවස්ථාව මගින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින්, සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම.
  2. පොදු අධිකාරිවල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීම.
  3. ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි විය හැකි සහ රටේ පොදු ජන ජීවිතයේදී සක්‍රිය ලෙස සහභාගි විය හැකි සමාජයක් ප්‍රවර්ධනය කිරීම.

තොරතුරු අයිතිය

තොරතුරු ලබාගැනීමේ අයිතිය යනුවෙන් අදහස් කරනු ලබන්නේ පොදු අරමුදල් භාවිතා කරනු ලබන ආයතනවලට අදාළ තොරතුරු පුරවැසියන්ට ලබාගැනීමට අයිතියක් පැවතීම යි. ජනරජයක පරමාධිපත්‍යය පුරවැසියන් සතු බැවින් මහජන අරමුදලින් සිදුකරන ක්‍රියාවලිය මගින් එකතුවන තොරතුරු සියල්ල පුරවැසියන්ට අයිතිවන අතර රජය එම තොරතුරුවල භාරකාරත්වය දරයි.

මේ වන විට තොරතුරු අයිතිය මානව අයිතියක් ලෙස සලකනු ලබන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය මගින් ද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මගින් ද මෙම අයිතිය පිළිගෙන ඇත. කෙසේ නමුත් තොරතුරු අයිතිය යනු සීමාවකින් තොර ව භුක්තිවිඳිය හැකි අයිතියක් නොවේ. එය යම් යම් සීමාවන්ට යටත් ව භුක්තිවිඳිය යුතු අයිතිවාසිකමකි.

වැඩිදුර විස්තර සදහා බටනය මත click කරන්න

  
 act removebg preview s

fv3baefv3baefv3b s 

වැඩිදුර විස්තර සඳහා http://www.bingiriya.ds.gov.lk/index.php/si/right-to-information-si.html වෙත පිවිසෙන්න

පුවත් සහ සිදුවීම්

08
ඔක්2026
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත

2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම් පනත....

27
මැයි2021
ජංගම වෙළඳ රථ පිළිබඳ විස්තර

ජංගම වෙළඳ රථ පිළිබඳ විස්තර

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ ලැයිස්තුව කෝප් සිටි...

Scroll To Top