අපගේ දැක්ම

"2025 වසර වන විට දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම රාජ්‍ය ආයතනය බවට පත්වීම."

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීමත්,සම්පත් ඵලදායීව යොදා ගනිමින් ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත ක්‍රියාවලියක් තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම."

හැඳින්වීම

බිංගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සිය සේවා ලාභීන් උදෙසා උසස් සේවාලාභී සත්කාරයක් සලසනු වස් මනාලෙස ස්ථාපිත කල කාර්යක්ෂම හා සඵලවත් කාර්යාල පරිසරයක් ගොඩනංවා ඇත. විශේෂයෙන්ම මෙහිදී  තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් මේ තත්වය තවදුරටත් ඉහල මට්ටමකට ඔසවා තැබීම සදහා ආයතනික ව්‍යුහයත් එය තුල ගැබ්වී ඇති නිර්මාණශීලි සහ උසස් ආකල්ප වලින් යුත් මානව සම්පත විසිනුත්  කටයුතු කරමින් පවතී. මේ වනවිට දිනකට සේවා ලාභීන් 100 කට අධික ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීම සදහා පැමිණෙන අතර විශේෂයෙන්ම මෙහිදී රෙජිස්ට්‍රාර් කටයුතු ,ඉඩම් රාජකාරි සහ විවිධ බලපත්‍ර කටයුතු ඒ අතර ප්‍රමුඛ වී ඇත.

භූගෝලීය හා පරිපාලනමය පිහිටීම

උතුරින් රස්නායකපුර හා කොබෙයි‍ගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද, නැගෙනහිරින් හෙට්ටිපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා බටහිරින් පුත්තලම දිස්ත්‍රික් මායිමෙන්ද වෙන්ව පිහිටා ඇති බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වර්ග කි.මී 165.5 ක පමන භූමි ප්‍රදේශයක් පුරා විහිදී පවතී. උතුරින් ගලාබස්නා දැදුරු ඔයින්ද දකුණින් ගලා බස්නා බුජ්ගමු ඔයෙන්ද බටහිරින් රටමැද බෙදුම් පාරින්ද නැගෙනහිරින් පඩුවස් නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මායිම් වන යෝදයාකන්ද,කුඩකලව,හමන්නාපහුව ආදී ගම්මාන වලින්ද වටවී ඇති බිංගිරිය කොට්ඨාශය උතුරු අක්ෂාංශ 7.32 - 33 සිට 7.43-30 අත්ර හා නැගෙනහිර දේශාංශ 79.54 - 80 අතර පිහිටා ඇත.

බිංගිරිය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉතිහාසය

නම සිට දක්වා
එච්.එම්.විජේරත්න මහතා 1963 1968
ඩබ්.ජී.විජේවර්ධන මහතා 1968 1969
එස්.ජේ.විජේසේකර මහතා 1969 1972
ධර්මපාල කස්තුරිආරච්චි මහතා. 1972 1973
පියසේන රාජකරුණා මහතා 1973 1977
ඩබ්.ඩී.ඒ.ඒ.කැලිස්ටස් මහතා 1978 1989
පී.එච්.එල්.විමලසිරි පෙරේරා මහතා. 1989 1992
ඩබ්.ඒ.ප්‍රේමරත්න මහතා 1991.07.15 1996.03.21
පී.එච්.එල්.විමලසිරි පෙරේරා මහතා 1996-03.25 1999
ඩබ්.ඊ.ජයතිලක මාහතා 1999 2005.04.05

ආර්.ඒ.බී.පී.රූපසිංහ මහතා

2005.04.06

2007.08.01
එම්.ඩී.සෝමරත්න මහතා 2008.07.02  2016.10.04
ඵන්.ඵම්.ජේ. ප්‍රනාන්දු මිය 2016.10.05 2018.04.22
නිලූකා ඩී. දසනායක මිය 2018.04.23 2021.09.26

කේ.එච්.අයි.සඳමාලි තිලකරත්න මිය

2021.09.27 මේ දක්වා

පුවත් සහ සිදුවීම්

20
පෙබ2022
දෙවන ජාතික භාෂා (දෙමළ) පුහුණු පාඨමාලාවේ සංස්කෘතික ප්‍රසංගය

දෙවන ජාතික භාෂා (දෙමළ) පුහුණු පාඨමාලාවේ සංස්කෘතික ප්‍රසංගය

සංහිඳියාව වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය කේන්ද්‍ර කරගනිමින්...

27
මැයි2021
ජංගම වෙළඳ රථ පිළිබඳ විස්තර

ජංගම වෙළඳ රථ පිළිබඳ විස්තර

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ ලැයිස්තුව කෝප් සිටි...

04
පෙබ2020
73 වන නිදහස් දින සැමරුම

73 වන නිදහස් දින සැමරුම

73 වන නිදහස් දින සැමරුම   73...

Scroll To Top